NODEMCU සහ Blynk භාවිතයෙන් අන්තර්ජාලය හරහා LED එකක් ON/OFF කිරීම

කලින් ලිපියේ නම් මම කිව්වේ ප්‍රධාන විදුලිය පාලනය කරන ලිපියේ දෙවැනි කොටස දෙනවා කියල ,එකෙත් වැඩ ටිකක් තවම තියෙන නිසාත් ,        කිහිප දෙනෙකුගේ ඉල්ලීමක් අනුව Blynk App එක ත් එක්ක NODEMCU කනෙක්ට් කරන විදිහ කියල දෙන්න කියල හිතුනා .

මේක කරන්න කලින් මෙන්න මේදේවල් ටික කරගෙන තියෙන්න ඕන .

1. Arduino IDE  එකට ESP8266 , Blync Libraries ටික Add කරගෙන තියෙන්න ඕන .

    ESP8266 Libraries එකතු කරගන්න හැටි මගේ මෙන්න මේ ලිපියේ තියෙනවා
    https://iotsl.blogspot.com/2016/10/arduino-ide-esp-01.html

    Blynk Library එකතු කරගන්න තියෙන්නේ  Sketch -> Include Library -> Manage Libraries ගිහින් 
   Filter Your Search... කියන සර්ච් එකේ Blynk කියල ටයිප් කරන එක එතකොට එක ෆිල්ටර් වෙලා               පෙන්වාවි එතනින් install ක්ලික් කලහම ලේසියෙන්ම ඒටික එකතු කරගන්න පුළුවන් .

2. Blynk App එක ඔයාගේ Android හෝ Apple ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරගෙන තියෙන්න ඕන .
    Android App එක play Store එකෙනුත් , IOS App එක iTunes වලිනුත් ඩවුන්ලෝඩ් කරගෙන                    ඉන්ස්ටෝල් කරගෙන ඉන්න ඕන 

3.වැදගත්ම දේ Internet තියෙන්න ඕන :)

හරි මේ ඔක්කොම හරි නම් දැන් අපිට වැඩේට බහින්න පුළුවන් .පහල තියෙනවා කරන්න ඕන දේ පියවරෙන් පියවර මේ පිළිවෙලට වැඩේ කරගෙන යන්න .

1.හරි පියවර 01 සිට 3 දක්වා පෙන්වල       තියෙන්නේ කොහොමද Blynk app එක  ප්ලේ ස්ටෝර් ඉඳල ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියල 


පියවර 01

පියවර 02
 
පියවර 03   


2.පියවර 04 සිට පියවර 06 දක්වා පෙන්වල තියෙන්නේ අලුතෙන් එකවුන්ට් එකකට රෙජිස්ටර් වෙන හැටි මේක හරිම ලේසියි ඊමේල් එකවුන්ට් එකයි , තමන් කැමති පාස්වර්ඩ් එකකුයි දාල SignUp කියන බටන් එක එබුවහම රෙජිස්ටර් වෙලා  පියවර 07 ස්ක්‍රීන් එක එවි .
 
පියවර 04

පියවර 05

පියවර 06

පියවර 07

3.හරි දැන් තියෙන්නේ අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් හදන්න එකට කරන්නේ තියෙන්නේ ඔය + එක උඩ     ක්ලික් කරන එක 

 
පියවර 08

පියවර 09

පියවර 10

පියවර 11

4. හරි දැන් මීළඟට කරන්න තියෙන්නේ Dash Board එක හදන එක , මම මෙතැනදී කරන්නේ එක බටන්  එකකින් NodeMcu එකේ On board තියෙනේ LED එක ON/OFF කරන එක .එක නිසා මම එක බටන් එකක් මේකට එකතු කරනවා .එකට ඔය රවුම් කරලා තියෙන + මාර්ක් එක උඩ ක්ලික් කරහම පියවර 13 තියෙන ස්ක්‍රීන් එකෙන් Button කියන එක උඩ ක්ලික් කරන්න .
පියවර 11

පියවර 12

හරි දැන් ඔය බටන් එකේ ප්‍රොපටීස් වෙනස් කරන්න පියවර 14 තියෙන විදිහට ,එකට PIN කියන එක උඩ ක්ලික් කරලා Select Pin වලින් Digital , D0 සිලෙක්ට් කරලා Ok කරන්න .පියවර 14 විදිහට .එහම කලයින් පස්සේ තියෙන විදිහ පියවර 15 ස්ක්‍රීන් එකෙන් බලාගන්න පුළුවන් .

පියවර 13

පියවර 14

පියවර 15

හරි දැන් බටන් එකේ වැඩේ හරි .දැන් ඉතුරු වෙලා තියෙන්නේ NodeMcu එකේ වැඩේ .

ඔය උඩ ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ උඩ කෙලවරේ තියෙන ප්ලේ බටන් එක ප්‍රෙස් කලහම අපිට පහල තියෙන ස්ක්‍රීන් එක පෙන්වාවි .එකෙන් කියනවා තවම අපේ නොඩ් එම්සීයු එක ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා නැහැ කියල .අපි ඊළඟට බලන්නේ ඒ වැඩේ.

පියවර17


NODE MCU එක ප්‍රෝග්‍රෑම් කරද්දී කරන්න තියෙන්නේ සිම්පල් වැඩක් .ඉස්සරවෙලාම අර පියවර 11 දී app එකෙන් යැව්ව ඊමේල් එක ඕපන් කරලා බැලුවහම අපිට පහල විදිහට පෙනෙයි .

අපිට ඔකේ වැදගත්ම දේ ඔය Auth Token කියල තියෙන හෑල්ල තමයි .අනෙක් ඒවා එච්චර වැදගැම්මකට නැහැ මේ වෙලාවේ .
හරි දැන් මේක කොපි කරගෙන Arduino IDE එක ඕපන් කරලා පහල තියෙන පාත් එකේ තියෙන කෝඩ් එක ඕපන් කරගන්න 


හරි ඊළඟට කරන්න තියෙන දේ පහල ස්ක්‍රීන් එකේ තියෙනවා .
දැන් තියෙන්නේ මේ කෝඩ් එක NodeMcu එකට අප්ලෝඩ් කරන එක .

හරි එහෙම කරලා හදා ගත්ත එක වැඩ කරන විදිහ ඔන්න පහල වීඩියෝ එකේ තියෙනවා .එක ගොඩක්ම කොලිටි නැහැ එත් වැඩ කරන හැටි පේනවා කියල හිතනවා .





ඉතින් කමෙන්ට් කරන්න ෂෙයාර් කරන්න ඔයාලට මේක ප්‍රොයෝජනවත් උනා නම් .ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න .එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු , ජයවේවා !!!!

0 comments:

Copyright © 2013 Internet Of Things..