ESP8266 සහ Arduino වලින් ප්‍රධාන විදුලිය පාලනය කිරීම - 1 කොටස

සැහෙන කාලෙකින් දෙයක් කරන්නවත් පොස්ට් එකක් ලියන්න වත් හම්බ උනේ නැහැ මේකට .මුලින්ම කියන්න ඕන දේ අපි අද කතා කරන්න යන දේවල් ප්‍රධාන විදුලිය එකියන්නේ නිවසට ලැබෙන 230v එක්ක නිසා ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි .
හරි දැන් බලමු ප්‍රධාන ව්දුලිය පාලනය කරන්න පුළුවන් උපක්‍රම මොනවාද කියල .හැමෝම දන්නවනේ NODEMCU හරි  Arduino එකෙන් හරි අවුට් පුට් එකකින් එලියට එන්නේ උපරිම 5V කියල ඉතින් එකෙන්ම තමයි අපි ප්‍රධාන විදුලිය පාලනය කරන්නේ විශේෂය තමයි අපි මේකෙදි කරන්නේ ප්‍රදාන විදුලියෙන් වෙන්වෙලා ඉඳගෙන එකියන්නේ  Isolated . 
හරි දැන් බලමු මේවට පාවිච්චි කරන මොඩියුල් , උපාංග මොනවාද කියල .

1. Relay Module - රිලේ 
    මේක ගැන ගොඩක් අය දන්නවා එත් මම නොදන්නා අය වෙනුවෙන් මුලික දේවල් පැහැදිලි කරන්නම් .
   සරලව කිව්වොත් මේක ස්විච් එකක් , විදුලි කාන්දම් බලයෙන් එකියන්නේ Electric Magnet ක්‍රියාත්මක         වෙන්නේ.
   
Conceptual Digram

Pin out Diagram
සාමාන්‍යයෙන් රිලේ එක්ක පින් 5 ක් තියෙනවා එකෙන් 3ක් ස්විච් එකට අනෙක් දෙක මැග්නට් එකට .මග්නට එකට කරන්ට් එක දෙන්න කලින් ඔය ස්විච් එකේ පින් තුනෙන් දෙකක් එකකට එකක් සම්බන්ධයි , එදෙක තමයි COM සහ NC එකියන්නේ Normally Connected කියන එක .මැග්නට් එකට කරන්ට් එක දුන්නහම ඒ දෙක අතර සම්බන්ධය බිඳිලා NO එකත් එක්ක එකියන්නේ Normally Open කියන එකත් එක්ක සම්භන්ද වෙනවා .මේක හරියටම කිව්වොත් පරණ රේඩියෝ වල FM /AM මාරු කරද්දී වෙනවා වගේ වැඩක් , පරණ රේඩියෝ පාවිච්චි කරලා නැත්තම් එච්චර හිතන්න එපා :) .
හරි දැන් රිලේ කොයිල් එකට දෙන පවර් එක අනුව සහ අර ස්විචින් කන්ටැක්ස් හරහා යවන්න පුළුවන් ධාරාව අනුව රිලේ එකේ සයිස් එක එහෙමත් පොඩ්ඩක් වෙනස් වෙනවා .සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ 5v වලින් ක්‍රියාත්මක වෙන , ඒ හරහා ධාරාව 5A හෝ 10 A යැවිය හැකි වර්ගයේ ඒවා .
සාමාන්‍යයෙන් රිලේ එකක් අපි කෙලින්ම මයික්‍රෝකොන්ට්‍රොලර් එකට සම්භන්ද කරන්නේ නැහැ .අපි පාලනය කරන්නේ Electromagnetic එහෙමත් නැත්තම් විද්‍යුත් චුම්භක උපකරණයක් නිසා .එකෙන් ඇතිවෙන අනෙකුත් විදුලිය උත්පාදනය වීම හේතුවෙන් මයික්‍රෝකන්ට්‍රොලරයට ඇති වෙන හානි වලක්වාඅ ගැනීම සහ නිවැරදි ක්‍රියාකාරීත්වය ලබා ගැනීමට පොඩි ඩ්‍රයිවර් සර්කිට් එකක් එහෙමත් නැත්තම් පාලක පරිපථයක් හරහා තමයි අපි රිලේ එක පාලනය කරන්නේ. මේක අපිටම හදා ගන්නත් පුළුවන් එහමත් නැත්තම් ආධුනිකයෙක්ට වඩාත්ම ගැලපෙන්නේ Relay Module එකක් මිලදී ගන්න එක . පහල තියෙන්නේ ඒවගේ එකක් .මේකේ රිලේ 1 , 2, 4, 8, 16 තියෙන මොඩියුල් වෙළඳ පොලෙන් මිලදීගන්න පුළුවන් .

2. SSR - Solid State Relay (සොලිඩ් ස්ටේට් රිලේ )

  මේකත් රිලේ එකක්ම තමයි එහෙත් මේවගේ කල්පැවැත්ම වැඩියි ඒවගේම මිලෙන් වැඩියි .
  
SSR Front View
විශේෂත්වය තියෙන්නේ මේකේ කිසිම චලනය වන කොටස් නැති එක ,Relay එකක ස්විචින් කොටසේ තියෙන්නේ තඹ පතුරු යම් කාලයක් යනකොට ඒවා අතර සම්බන්දය අතර ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් .එත් මේකෙදි එහෙම දෙයක් වෙන්නේ නැහැ .
SSR

SSR Module

මේකෙදි නම් තියෙන්නේ පින් එහෙමත් නැත්තම් කනෙක්ෂන් 4  මේකෙදි අපිට අර වගේ ඩ්‍රයිවරයක් අවශ්‍ය වන්නේ නැහැ .මොකද මේකේ වැඩ කරන්නේ මැග්නට් එකකින් නොවන නිසා .

3. Triac (Opto Isolated /Logic Level) 
   
   ඇත්තටම මේක ඉලෙක්ට්‍රොනික උපාංගයක් අපිට මේකෙන් ප්‍රධාන විදුලිය ස්විච් කරනවා ට අමතරව ලයිට් එකක් ඩිම් (Dim) කරන්න , FAN එකක ස්පීඩ් එක පාලනය කරන්නත්  පාවිච්චි කරන්න පුළුවන් .ඉලෙක්ට්‍රොනික් දැනුම තියෙන කෙනෙක්ට මේක තමන් විසින්ම හදාගන්න පුළුවන් , එහෙමත් නැත්තම් ආධුනිකයෙක් නම් වඩාත් සුදුසුවෙන්නේ මොඩියුල් එකක්  මිලදී ගන්න එක .
Equalent Circuit

Triac Module

හරි මේවත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියල මම ඊළඟ ලිපියේ දාන්නම් .ගොඩක් අය රිලේ එකත් එක්ක වැඩ කරන්න දන්නවා මම හිතන්නේ .මම බලාපොරොත්තු වෙන්නේ අන්තිමට අපි කතා කරපු Triac මොඩියුල් එකෙන් කොහොමද වැඩ කරන්නේ කියල කියල දෙන්න .ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න .ඊළඟ ලිපියෙන් හමු වෙමු .
ජය වේවා !!!

3 comments:

Copyright © 2013 Internet Of Things..