ESP 01 DIY Development Board - පහසුව තකා අපේම ඩිවෙලොප්මන්ට් බෝඩ් එකක් හදාගමු! (1 කොටස )

ඔබ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත සහ අලුත් දේ ඉගෙනගන්න ලැබෙන සුභම සුභ නව වසරක් වේවා!!! සැහෙන කාලෙකින් අලුත් දෙයක් මේකෙන් දෙන්න බැරි උනා එත් මම හිතනවා මේ ලිපිය හැමෝටම වැදගත් වේවී කියල.
                   Bread Board එකක මේ මොඩියුල් එකත් එක්ක වැඩ කරන්න ගියහම ටිකක් එපා වෙනවා .මොකද එකේ පින් අවුට් එක බ්‍රෙඩ් බෝර්ඩ් එකට කෙලින්ම කනෙක්ට් කරන්න බැරි නිසා .ඒවගේම කෝඩ් එක ෆ්ලෑෂ් කරද්දී GPIO 01 ගරවුන්ඩ් කරන්න ඕන වැඩ කරනකොට ගලවන්න ඕන , මේක ටිකක් කරදර වැඩක් .එක නිසා මම හදා ගත්ත එකට ලේසි ක්‍රමයක් , තාම මේක පටන් ගත්ත විතරයි.මේකට කොටස් එකතු කරලා තව වැඩි දියුණු කරන්න පුලුවන්.එත් මුලික කොටස මම අද මේකෙන් කියල දෙන්න යන්නේ .

මේකට ඕන කරනවා දේවල් ටිකක්.පහල තියෙන්නේ ඒ ලිස්ට් එක

1. Vero Board වෙරෝ බෝඩ් එකක් : මම නම් කියනේ මේකට Stripe එක ගන්න එපා එකත් එක්ක වැඩ      කරන්න අමාරුයි හැම වෙලේම පාත් කප කප ඉන්න ඕන , අත පයත් තුවාල කරගෙන .මේකට ගන්න Dotted එක මම එක ගෙන්න ගත්ත ebay.com එකෙන්


2.Push button  Switch  - පුෂ් බට්න් ස්විච් 2 ක්


3. Headers - හෙඩර් 3 ක් ඕන එකක් ඕන 4pin x 2 Row මේක ESP 01 එකට , අනෙක් දෙක 8pin x Single Row 2ක් එකක් male අනෙක female. මම  නම් කලේ ඊ බේ එකෙන් 40 පින් ඒවා ගෙනත් කපල හදා ගත්ත                 




Male Header pin
Female Header 8 pin
Female Header 4x2




4 .10k රෙසිස්ටරයක් .
10 Kilo Ohm Resistor (Colour Band Order: Brown Black Orange   Silver/Gold)



අපිට දැනට ඕන කරන්නේ ඔය ටික විතරයි . පහල තියෙන Diagram එක හැටියට තමයි සර්කිට් එක හැදෙන්න ඕන .

මම හැදුව එක මීට වඩා පොඩ්ඩක් වෙනස් , මම මේක පොඩ්ඩක් වැඩි දියුණු කළා Female Header එකකුත් දාල මොකද ඉස්සරහර කරන Expansion වලදී ඒක ප්‍රයෝජනවත් වෙයි .

හරි මම හිතනවා උඩ තියෙන රූපසටහන හොඳින් තේරුම් යන්න ඇති කියල . දැන් කියන්නම් ඔය බටන් දෙකෙන් වෙන්නේ මොකක්ද කියල .
Flash බටන් එකෙන් කරන්නේ මොඩියුල් එක flash mode එකට ගන්න එක . එකට කරන්න තියෙන්නේ මොඩියුල් එක පවර් එක දෙන්න ඉස්සරවෙලා ඕක ඔබාගෙන ඉන්න ඕන , හැබැයි පවර් ගත්තට පස්සේ අතහරින්න එපා , මොකද එහෙම මම අත හැරලා ටෙස්ට් කරලා නැති නිසා .පුෂ් බටන් එක හෝල්ඩ් කරන්න ඉන්න බැරි  ප්‍රශ්න තියෙන අය ස්ලයිඩින් ස්විච් එකක් හරි push to on - Push to off එකක් හරි  දාගන්න මොකද එක ෂුවර් .පහල රුප බලන්න .
Push - to - ON , Push -to - OFF
2 Way , Sliding Switch

හරි දැන් ඔය මොකෙන් හරි ෆ්ලෑෂ් බටන් එක හෝල්ඩ් එකේ තියාගන්න ඕන ස්කෙට්ච් එක අප්ලෝඩ් වෙනකන් .එක අවසාන උනාට පස්සේ එක අපිට බටන් එක ඇත හරින්න පුළුවන් , පුෂ් බටන් නොවෙන ඒවා ඔෆ් කරලා දාන්න පුළුවන් . එවුනාට තියෙන ප්‍රශ්නේ එහෙම කළා කියල මොඩියුල් එක ෆ්ලෑෂ් මෝඩ් එකෙන් එලියට එන්නේ නැහැ . එහෙම එලියට ගන්න එකේ පවර් රෙස්ටාට් කරන්න ඕන  , නැත්තම් මොඩියුල් එක රිස්ටාර්ට් කරන්න ඕන .එකට තමයි ඔය Reset බටන් එක තියෙන්නේ .

ඔන්න ඔහොම හදා ගත්ත මගේ එකේ පින්තුර තමයි පහලින් තියෙන්නේ .




       ඉතින් ඔයාලත් ට්‍රයි කරලා බලන්න තමන්ම දෙයක් හදාගන්න එකේ සතුට කඩෙන් දෙයක් ගත්ත කියල ලැබෙන්නේ නැහැ මටනම් .ඉතින් මගේ අදහස මේකට තව දේවල් එකතු කරලා දියුනු කරන්න .අපි බලමු ඉදිරි ලිපිවලින් මේකට තවත් දේවල් එකතු කරන්නේ කොහොමද කියල .

එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු . ජය වේවා !!!


0 comments:

ESP 01 ,Wifi සමග සම්බන්ද කිරීම සහ වෙබ් බ්‍රව්සරයෙන් LED එකක් ON/OFF කිරීම .....

පහුගිය ලිපිවලින් යාලුවෝ හැමෝම දෙයක් ඉගෙන ගන්න ඇති කියල විශ්වාස කරනවා.
අද අපි බලන්නේ මේක කොහොමද WiFi එක්ක සම්භන්ද කරන්නේ කියල.මේක අමාරු වැඩක් නෙවෙයි මේකට අවශ්‍ය කරන මුලික දේවල්  Arduino IDE එකේම තියෙනව.හරියට ESP8266 Libraries ටික ගෙන තියෙනවනම් .එකත් එක්ක අවශ්‍යකරන මුලික කේත එහමත් නැත්තම් Codes  ඔක්කොම වගේ එකේ තියෙනවා එතනින් පටන් අරගෙන අපිට ඒකම වෙනස් කරලා අපේ වැඩේ කරගන්න පුළුවන්.හැබැයි එකමදේ එකෙන් වෙනදේ තේරුම් ගන්න ඕන .නැත්තම් එතන ඉගෙනීමක් කියල දෙයක් නැහැ.මුල ඉඳල දෙයක් තනියම කරන්න ගියොත් අමාරුවේ.

                                                             හරි දැන් බලමු අපි වැඩේ කරන්නේ කොහොමද කියල.අයෙත් මතක් කරන්න තියෙන්නේ Arduino Board එක පාවිච්චි කරල ESP 01 ෆ්ලෑෂ් කරන කට්ටිය මතක තියාගන්න ඕන ESP එකේ Rx සහ Tx  දෙපැත්ත මාරු කරලා තමයි 
Arduino Board එකට සම්භන්ද කරන්න ඕන. නැත්තම් කෝඩ් එක අප්ලෝඩ් කරන්න ගියහම  ESP Comm Error කියල  Error Messages පෙන්වාවි .


                                                                                                 ඔක්කොම හරිනම් දැන් Arduino IDE එක ඕපන් කරලා පහල පෙන්වල තියෙන පාත් එකට ගිහින් WifiWebserver
කියන Example එක ඕපන් කරගන්න.ඒවගේම කියන්න තියෙන දේ තමයි මේක මගේ කොඩින් එකක් නෙවේ esp8266 community එකේ Libraries එක්ක එන Sample Codes වලින් එකක්.

Path: File -> Examples -> ESP8266Wifi -> WifiWebServer
හරි එක  ක්ලික්  කලහම කෝඩින් එකක් ඕපන් වෙයි .පහල තියෙන විදිහේ .

හරි දැන් එක ඕපන් වෙලා තියෙන්නේ.දැන් අපිට පොඩි දෙයක් කරන්න තියෙනවා එක තමයි ඔය කොඩින් එකේ උඩම තියෙන කොටසේ තියෙන "your-ssid" කියන තැනට වයි ෆයි එකේ නම (SSID - Service Set Identifier ) ත් "your-password"කියන තැනට වයිෆයි වලට කනේක්ට්වෙන්න දෙන පාස්වර්ඩ් එකත් දෙන්න. උදාහරණයක් හැටියට මගේ SSID එක
MyWifi සහ පාස්වර්ඩ් එක 12345 නම් කොඩින් එකේ මුල්ප කොටස හත විදිහට තමයි පෙන්වන්නේ

#include <ESP8266WiFi.h>

const char* ssid = "MyWifi"; 
const char* password = "12345";

// Create an instance of the server
// specify the port to listen on as an argument
WiFiServer server(80);
....................................................

මතක තියාගන්න ඕන වැදගත්ම දේ , මෙතැනදී අපි ටයිප් කරන පාස්වර්ඩ් එක , මාස්ක් වෙන්නේ වත් එන්ක්‍රිප්ට් වෙන්නේ වත් නැහැ .එකියන්නේ පාස්වර්ඩ් එක පත්තරේ දැම්ම හා සමානයි කොඩින් එකේ තිබ්බොත් ඕන කෙනෙකුට එතනින් අරන් SSID එකයි Password එකයි දාල වයි ෆයි පාවිච්චි කරන්න පුළුවන්.එක නිසා ටෙස්ටින් කලාට පස්සේ පාස්වර්ඩ් එක වෙනස් කරගන්න එක තමා නුවනට හුරුම වැඩේ.
හරි දැන් කරන්න තියෙන්නේ කෝඩ් එක අප්ලෝඩ් කරන එක. එකියන්නේ upload Button එක ක්ලික් කරන එක විතරයි .

ඕක අප්ලෝඩ් වෙද්දී වෙන දේවල් ටික පහල මගේ වීඩියෝ එකෙන් බලාගන්න.


Uploading sample code to ESP 01 Using Arduino Board
වීඩියෝ එක නම් ගොඩක් පැහැදිලි නැතුව ඇති එත් වෙන දේ ගැන අදහසක් ගන්න මේක ප්‍රමාණවත් වේවි කියල හිතනවා.

හරි මේ හැම දේම මේ විදිහට උනොත්.එත් සමහර වෙලාවට  පහත පෙන්වල තියෙනවා වගේ මේවගේ Errors එන්න පුළුවන් .එන්න පුළුවන්

 මේකට හේතු පහල ඒවා වෙන්න පුළුවන් (මගේ අත් දැකීම් අනුව )

1.Arduino IDE එකේ මොඩියුල් එක අනුව සෙටින්ග්ස් වෙනස් කරලා කන්ෆිගර් කරලා නැත්තම්

2. Arduino Board එකට හරියට Tx Rx පින් සම්බන්ද කරලා නැත්තම්, මම කලින් මතක් කල විදිහට .

3. එක කෝඩ් එකක් අප්ලෝඩ් කරලා චිප් එක පවර් රිස්ටාර්ට් නොකර තවත් කෝඩ් එකක් අප්ලෝඩ් කරන්න හැදුවොත්

4.GPIO 0 පින් එක GND නොකර කෝඩ් එක අප්ලෝඩ් කරන්න උත්සහ කලොත්

5. ෆ්ලෑෂ් කරන වෙලාවේදී පවර්  මදි උනොත්

මේ හා සමාන Error Massage එන්න පුළුවන් .


හරි දැන් බලමු අප්ලෝඩ් කරපු කෝඩ් එකෙන් වෙන්නේ මොනවාද කියල .
දැන් Aduino Board එක usb එකෙන් ගලවල , esp එකෙ 3.3v කනෙක්ෂන් එක අයින් කරල
අයෙත් ප්ලග් කරලා .Arduino IDE එකේ  Serial Monitor එක ඕපන් කරල එකේ යට තියෙන Drop Down List දෙකෙන් පලවෙනි එක Both NL & CR කියලත් දෙවැනි එකේ ස්පීඩ් එක 115200 ත් සිලෙක්ට් කරල.ඊට පස්සේ ESP 01 ට පවර් දෙන්න .
                                                                එතකොට ඔයාලගේ වයිෆයි එකේ නම සහ පාස්වර්ඩ් හරිනම් පහත විදිහට එක වයිෆයි වලට කනෙක්ට් වෙලා  වයිෆයි නම සහ එවලාවේ esp 01 එකට වෙන් කල අයි පී  ඇඩ්රස් එකත්  පෙන්වාවී .තව එක එක සිම්බල්ස් වගයක් පෙන්වාවී එක ගණන් ගන්න එපා .


මෙතැන එවෙලාවේ වෙන්කළ අයිපී එක කියල කිව්වේ , මේක ඇත්තටම Dynamic IP එකක් එකියන්නේ මේක තාවකාලික අයිපී එකක්.තාව කාලික අයිපී එකක් නෙට්වර්ක්  ඩිවයිස් එකකට වෙන්වෙලා තියෙන උපරිම කාලයක් තියෙනවා එකට අපි කියනවා ලීස් ටයිම් lease Time  එක කියල . ලීස්ටයිම් එක ඉවරවෙලා අයෙත් කනෙක්ට් උනහම ඔය අයිපී එක වෙනස් වෙනවා.
මේක ගැන වැඩිපුර දැනගන්න ඕන නම් මගේ http://networkingsl.blogspot.com බ්ලොග් එකට යන්න .

හරි දැන් මේ අප්ලෝඩ් කරපු සාම්පල් එකෙන් වෙන්නේ මොකක්ද කියල බලමු .
ඇත්තටම මේකෙන් වෙන්නේ.ESP එකේ GPIO 02 එක ON /OFF කරන එක .
මේකට LED එකක් කනෙක්ට් කරලා වෙබ් බ්‍රව්සරයෙන් මේ LED බල්බ් එක on/off කරන එක තමයි මේකෙන් කරන්නේ.
LED එක කනෙක්ට් කරන්නනේ මෙහෙමයි .මුලින්ම RED හරි GREEN හරි  LED එකේ + Pin එක ESP එකේ GPIO 02  පින් එකට 47 OHM රෙසිස්ටරයක් හරහා කනෙක්ට් කරන්න LED එකේ - Pin එක GND වලටත් කනෙක්ට් කරන්න.

දැන් වෙබ් බ්‍රව්සරයට පහත විදිහට අර අපිට ලැබුණු අයිපී එක ඇතුලත් කරලා පහත විදිහට  ඇඩ්රස් බාර් එකේ ටයිප් කරලා එන්ටර් කලහම LED එක on වෙන්න ඕන .

http://192.168.1.4/gpio/1
ඒවගේම වෙබ් බ්‍රව්සරයේ පහත විදිහට මැසේජ් එකක් පෙන්වන්නත් ඕන.

ඒවගේම http://192.168.1.4/gpio/0 කියල ටයිප් කරල එන්ටර් කලහම , එහෙමත් නැත්තම් අර ඔන් කරන්න ටයිප් කරපු එකේම අන්තිමට 0 දාල එන්ටර් කලහම LED එක off වේවි .ඒවගේම පහත මැසේජ් එක පෙන්වාවි .

හරි LED එක කනෙක්ට් කරලා එක වැඩකරන එකේ වීඩියෝ එක මම ඊළඟ ලිපියේ ඇතුලත් කරන්නම් දැනට ඔයාල මේක අත්හදා බලන්න.කොඩින් එක වැඩකරන හැටි මම  ඊළඟ ලිපියෙන් විස්තර කරන්නම් . මේක ගැන තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න .මම ඒවා විසඳගන්න උදව්කරන්නම් .

එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු . ජයවේවා!!!







8 comments:

Arduino IDE භාවිතයෙන් ESP 01 සඳහා සරල වැඩසටහනක් ලිවීම ...

හැමෝම පසුගිය ලිපි කියවන්න ඇති කියල හිතනවා.අද අපි බලන්න යන්නේ අර්ඩුයිනෝ සොෆ්ට්වෙයාර් එකෙන් esp01 එකට සරල වැඩසටහනක් ලියන හැටි .
කලින් කිව්වා වගේ මම මේකට පාවිච්චි කරන්න ESP01 කියන මොඩියුල් එක. එකේ රුපයක් පහත මම අයෙත් දාන්නම්.
ESP01

පින් තියෙන විදිහ මම කලින් ලිපියක සඳහන් කළා දැන් බලමු මේක ප්‍රෝග්‍රෑම් කරන විදිහට මේක කන්නෙක්ට් කරගන්නේ කියල.කලින් කිව්වා වගේ අපිට ආර්ඩියුනෝ බෝර්ඩ් එක හරි UART එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්.
Connection Diagram ESP to UART
මේ තියෙන්නේ කනෙක්ෂන් හදාගන්න ඕන විදිහ .මේකෙදි ඔයාලට ක්‍රම දෙකක් අනුගමනය කරන්න පුළුවන් .ESP01 එකට වෙනම Power දීල අනෙක් පින් ටික අවශ්‍ය විදිහට UART එකත් එක්ක සම්භන්ද කරන එක නැත්තම් UART එකෙන්ම මොඩියුල් එකට කරන්ට් එක ගන්න එක .උඩ විදිහට තමයි ඔකේ වයර් සෙට් වෙන්න ඕන.ලොකුම ප්‍රශ්නේ ඔය මොඩියුල් එක බ්‍රෙඩ් බෝර්ඩ් එකට සෙට් වෙන්නේ නෑ.එක නිසා මම මගේම ගැජමැටික් එකක් හදා ගත්ත.
ඔය තියෙන්නේ පරණ ෆ්ලොපි ඩිස්ක් කේබල් එකක් අරන් මැද තියෙන රිබන් කේබල් එකෙන් කොටසක් අයින් කරලා කොට කරලා අයෙත් ක්ලිප් කරලා හදාගත්ත හෙඩර් එකක් .එක ලේසියෙන්ම කරන්න පුළුවන් .එකම දේ පරෙස්සමින්ක්ලිප් දෙක පන්න ගන්න ඕන ලොක් කඩා ගන්නේ නැතිව.

TOP

Botttom
මෙහෙම කරගන්න උනේ මෙහෙ හෙඩර්ස් ගන්න නැහැ  මම ඉන්නේ ලංකාවේ නෙවේ නිසා. අනික මෙහෙට ඊබේ එකෙන් එන්න ටික කාලයක් යනවා.
හරි දැන් එක හරි දැන් බලමු පින් ටික ගැන , ඔය බෝර්ඩ් එක කොම්පොනෙන්ට් තියෙන පැත්ත ඔයාලගේ මිහුන පැත්තට කරල අල්ල ගත්තම , පින් තියෙන පැත්ත යටට වෙන්න , පහල තියෙන පිළිවෙලට තමයි පින්ස් තියෙන්නේ 

1. Gnd       - Ground
2. GPIO 2  - Input / Output
3 .GPIO 0  - Input / Output
4. RX        - Serial Data Receiving
5. TX        - Serial Data Transmitting
6. CH_PD - Chip Enable
7. Reset    -  Reset
8. Vcc      - Power + 3.3v

හරි දැන් බලමු කොහොමද මේක UART එකට සම්භන්ද වෙන්නේ කියල . මෙතනදි අපි හිතමු UART එකෙන්ම පවර් ගන්නවා කියල .

ESP 01 Pin Number                                                         UART pin

1. Gnd       - Ground        ------------------------------------> GND
2. GPIO 2  - Input / Output
3 .GPIO 0  - Input / Output-----------------------------------> GND
4. RX        - Serial Data Receiving-------------------------->  Tx
5. TX        - Serial Data Transmitting----------------------->  Rx
6. CH_PD - Chip Enable -------------------------------------> +3.3v
7. Reset    -  Reset
8. Vcc      - Power + 3.3v-------------------------------------> +3.3v



UART එකත් එක්ක මෙහෙම සම්භන්ද කලාට අර්ඩුයිනෝ එකට සම්භන්ද කරද්දී ESP එකේ Tx  එකට අර්ඩුයිනෝ එකේ Tx එකටත් , ESP එකේ Rx එක අර්ඩුයිනෝ එකටත් සම්භන්ද කරන්න ඕන. නැත්තම් ෆ්ලැෂ් කරන්න බැහැ.
දැන් ඇටවුම හරි .ඊළඟට තියෙන්නේ Arduino IDE එක ESP01 එකට ප්‍රෝග්‍රෑම් ලියන්න පුළුවන් වෙන විදිහට කන්ෆිගර් කරගන්න එක .
පළවෙනියටම  කරන්න ඕන ඔයා අර්ඩුයිනෝ අයි.ඩී.ඊ එක ඉන්ස්ටෝල් කරගෙන නැත්තම් පහත ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්නන එක .

                                        Click Here to Download Arduino IDE

ඊටපස්සේ කරන වැඩක් තියෙනවා.පහල රූපේ තියෙන විදිහට File --> Preferences ඕපන් කරගන්න



ඊටපස්සේ ඔතන තියෙන Additional Boards Manager URLs: කියන තැනට මෙන්න මේ URL එක කොපි කරලා පේස්ට් කරන්න
      http://arduino.esp8266.com/stable/package_esp8266com_index.json

ඊටපස්සේ OK කරන්න .   Tools-> Board ->Board Manager ඕපන් කරගන්න
එතකොට ඔයාලට පෙනේවි Board Packages ගොඩක් ලෝඩ් වෙනවා.මෙතැනින් අපිට දැනට ඕන වෙන්නේ
esp8266 by ESP8266 Community කියන පැකේජ එක.එක උඩ ක්ලික් කරලා ඉන්ස්ටෝල් ක්ලික් කල ගමන් ඒ අදාල  Package එක ඉන්ස්ටෝල් වේවි .



ඊටපස්සේ Ardiuno IDE එක ඕපන් කරලා බැලුවහම පහත තියෙන ඒවා එකතු වෙලා තියේවි .



හරි දැන් එකත් හරි .මෙතන තියෙන ඒවගෙන් එකියන්නේ පලවෙනි මෙනු එකේ තියෙන දේවල් වලින් අපිට වෙනස් කරන්න වෙන්නේ Port කියන එකයි Flash Size කියන දෙක .පොර්ට් එක හොයාගන්න පුළුවන් අපිට වින්ඩොව්ස් පරිගනකයක නම් ඩිවයිස් මැනේජර් යුටිලිටි එකෙන් . Flash Size එක ඔය තියෙන මොඩියුල් දෙකේ පාටින් අනුමාන කරන්න පුළුවන් , කලින් කිව්වා වගේ නිල් පාට එක 512 KB , කළු පාට එක 1MB , එක එවිදිහට සිලෙක්ට් කරගන්න .
 
ඔය වැඩටික ගානට ඉවරනම් දැන් පුළුවන් අපිට සාම්පල් කෝඩ් එකක් අරගෙන ෆ්ලෑෂ් කරලා බලන්න.

පහල තියෙන කෝඩ් එක ටයිප් කරල හරි , කොපි කරලා පේස්ට් කරලා , අප්ලෝඩ් කරලා බලන්න මොකද වෙන්නේ කියල .

Led Blink Code - ESP8266
void setup() {
  
pinMode(LED_BUILTIN, OUTPUT);          // Initialize the LED_BUILTIN pin as an output
}

// the loop function runs over and over again forever

void loop() {
  digitalWrite(LED_BUILTIN, LOW);          // Turn the LED on (Note that LOW is the voltage level
                                                                  // but actually the LED is on; this is because 
                                                                  // it is active low on the ESP-01)
  delay(1000);                                              // Wait for a second
  digitalWrite(LED_BUILTIN, HIGH);          // Turn the LED off by making the voltage HIGH
  delay(2000);                                              // Wait for two seconds
}

හරි එහෙනම් මේක ටෙස්ට් කරල බලල තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න.එහෙනම් ඊළඟ ලිපියෙන් Wifi එක්ක වැඩකරන විදිහ විස්තර කරන්නම් .
මේ සම්භන්දයෙන් මාව දිරිමත් කරන හැමෝටම ස්තුතියි !.
ඊළඟ ලිපියෙන් හමුවෙමු .ජයවේවා !!!




4 comments:

ESP8266 Wifi Module හඳුන්වා දීම....

ESP8266 Wifi Module
පසුගිය ලිපියෙන් IOT ගැන කෙටි හැඳින්වීමක් කළා ඔබට මතක ඇති.අද අපි කතා කරන්න යන්නේ IOT වල වැඩකටයුතු කරගෙන යන්න අපි පලවෙනි පියවර තියන්න පටන් ගන්න පුංචි ESP8266 Serial Wireless Transceiver Module එක ගැන. ]
                                                                 ESP8266 කියල කියන්නේ චිප් එකක් එහෙමත් නැත්තම් හැමෝම දන්නා භාෂාවෙන් කිව්වොත් අයි.සී එකක්.ඒක පාදක කරගෙන නිර්මාණය කරපු මොඩියුල් ගණනාවක්  තියෙනවා .එහම එක ආකාරයක් තමයි ඔය ඉහත රුපයෙන් පෙන්වල තියෙන්නේ.එකේ නම තමයි ESP01.පහතින් තියෙනවා සාමාන්‍යයෙන් බහුලව භාවිතාවන ආකාර කීපයක්.

                  මේගැන වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන් මෙන්න මේ ලින්ක් එකට ගියොත් http://www.esp8266.com/wiki/doku.php?id=esp8266-module-family.ඉහතින් තියෙන රුපයේ තියෙන්නේ ESP 12 වෙනකන් විතරක් උනාට තවත් අලුතින් එකතු වුනු තවත් මොඩියුල් කිහිපයක් තියෙනවා දැනට. ඒ ESP 12-E/Q ,ESP 13 , ESP 14 , ESP-WROOM2 සහ WT8266-S1 , වැඩි විස්තර සඳහා ඉහත ලින්ක් එක බලන්න.මේ එක එකක් හදල තියෙන්නේ භාවිතය(Usage) කාර්යක්ෂමතාව(Efficiency) සහ මතකය (Memory Capacity) අනුව.එහෙත් අපේ වැඩවලට ESP 01 එක හොඳටම ප්‍රමාණවත්  වේවි.


ESP 01 Versions
                             ඉහත රුපයෙන් පෙන්වල තියෙන්නේ ඔය ESP 01 කියන එකේම සංස්කරණ දෙකක් මම නම් ගත්තේ ඔය කළු පාට එක එකියන්නේ  ෆ්ලෑෂ්මෙමරි වැඩි එක.ෆ්ලෑෂ් මෙමරි වැඩියෙන් තියෙන එක වාසිය අපිට ටිකක් වැඩි පුර වැඩගන්න පුළුවන්.ඔය රතු පාටෙන් කොටු කරල පෙන්වල තියෙන්නේ Flash Memory Chip එක අනෙක මම මේක ගෙන්න ගත්තේ ebay.com එකෙන් මොකද මම ඉන්නේ ලංකාවෙන් පිටත නිසා.මේක මට මතක හැටියට US $ 2.1 එකියන්නේ ලංකාවේ මුදලින් Rs.350 විතර.මම මේක ඔරිජිනල් ද නැද්ද කියල බලන්න නම් ගියේ නැහැ.ගෙනාව වැඩට බැස්ස.
                                                                     හරි දැන් එක පොඩ්ඩකට පැත්තකින් තියල අපි මේක ගැන තවත්පොඩ්ඩක් හොයල බලමු.දැන් බලන්න තියෙන්නේ Pin Arrangement නැත්තම් Pin Outs ,  එකියන්නේ පින් මොනවාද , කොහොමඳ තියෙන්නේ , ඒවගෙන් මොනවාද වෙන්නේ කියන එක.

ESP 01 Pin Out and Descriptions


Real ESP01 Pin Out

මේ පින්වල භාවිතය අනුව අපිට Data Input / Output සඳහා පාවිච්චි කරන්න පුළුවන් GPIO 0 , GPIO 2 , RXD සහ TXD. GND සහ VCC පාවිච්චි කරන්නේ මේකේ Power Supply වලට .වැදගත්ම දේ සහ මතක තබාගත යුතු දේ තමයි  මේ මොඩියුල් එක වැඩ කරන්නේ 3.3 V විභවය කින් .එකියන්නේ AAA බැටරි දෙකකින් උනත් මේක වැඩ , මම ඒ දේ අත්හදා බැලුවා.CH_PD (Chip Select) සහ RST පින්ස් මේ මොඩියුල් එක ප්‍රෝග්‍රෑම් කිරීමේදී උවමනා වෙනවා.
                                                                හරි මෙතෙක් වෙනකන් දේවල් පැහැදිලි වෙන්න ඇති කියල උපකල්පනය කරලා.දැන් අපි බලමු මේක ප්‍රෝග්‍රෑම් කරන්න ඕන දේවල් මොනවාද කියල.ඇත්තටම මම පළවෙනියටම මේක ප්‍රෝග්‍රෑම් කරන්න උත්ස්සහ කලේ PL2303HX පාවිච්චි කරලා හදල තිබුණු UART (Universal Asynchronous Receiver/Transmitter) , ඇත්තටම මේකෙන් කරන්නේ පරණ පරිගණක වල තිබුණු සිරියල් පොර්ට් එහෙමත් නැත්තම් COM Port ක්‍රියාකාරීත්වය , USB හරහා ලබාදීම.කවුරුහරි මේ එකක් අරන් USB පොර්ට් එකට ප්ලග් කරලා , වින්ඩෝස් පරිගනකයක නම් ඩිවයිස් මැනේජර් (Device Manager) ට ගිහින් ඒ  යටතේ තියෙන Ports කියන නෝඩ් එක දිග හරියහම බලාගන්න පුළුවන් COM කියල පොර්ට් එකක් හැදිලා තියෙනවා. (ඩිවයිස්  මැනේජර් ඕපන් කරගන්න ඕන නම් පළවෙනියටම වින්ඩෝස් කී එක සහ R එක වර ඔබන්න , එතකොට Run කොමාන්ඩ් බොක්ස් එක එවි එකේ devmgmt.msc කියල ටයිප් කරලා Enter කී එක ඔබන්න ).
                                                                                                 තවත් වැදගත් කාරණයක් තමයි ඔය කියපු PL2303HX කියන UART එක මගේ වැඩවලට හරිගියේ නැහැ.ඒ ගැන වැඩි දුර හොයල බලපුවහම තමයි දැනගත්තේ එක ව්‍යාජ අනුකරණයක් එහෙමත් නැත්තම් Fake එකක් කියල.මොකද එකට ඔරිජිනල් PL2303 ඩ්‍රයිවර්ස් දැම්මත් ගන්නේ නැහැ .ඩිවයිස් මැනේජර් ගිහින් බැලුවහම එකේ කහපාට එක්ස්ක්ලමේෂන් මාර්ක් එකක් තියෙනවා .එක නිසා ebay.com එකෙන් ගෙන්වා ගන්නවනම් මේක නොගන්න වග බලා ගන්න.මේ ගැන වැඩි විස්තර ඕන නම් මෙන්න මේ ලින්ක් එකට යන්න http://www.prolific.com.tw/US/ShowProduct.aspx?p_id=225&pcid=41.
                                                                                                                     එක නිසා මම මගේ Arduino UNO R3 බෝර්ඩ් එක එවෙනුවට පාවිච්චි කළා.UART Adaptor  එකක් ගන්නවනම් FT232 , CH340 හෝ CP2102 වගේ එකක් ගන්න එක හොඳයි කියලයි මගේ පෞද්ගලික මතය.සාමාන්‍යයෙන් UART adaptor ගොඩක් දුරට එක හා සමානයි .පහතින් පෙන්වල තියෙන්නේ FT232 අයිසී එක තියෙන UART එකක් සහ ඊටපහලින් CH340.මේක ESP 01 එකත් එක්ක සම්බන්ද කරලා ප්‍රෝග්‍රෑම් එකක් අප්ලෝඩ් කරන හැටි ඉදිරි ලිපියකින්  විස්තර කරන්නම් 
FT232

CH340
මේකේ මුලික අත්හදා බැලීම් වලට UART එකක් , Bread Board එකක් LED කීපයක් , Jumper Wires female සහ Male වර්ග දෙකම , Wifi නම් ඉතින් ඕනමයි .එත් Wifi නැති යට අතිරේක වියදමක්  නැතුව Wifi ඇක්සස් පොයින්ට් එකක් හදා ගන්න හැටි මම කියල දෙන්නම් .Smart Phone එකක් තියෙන කෙනෙක්ට ඒක පාවිච්චි කරලා Wifi ඇක්සස් පොයින්ට් එකක් හදාගන්න පුළුවන් , Wifi Hotspot එනේබල් කරලා . ස්මාර්ට් ෆෝන් එකක් නැත්තම් , Wifi පහසුකම තියෙන Laptop එකක් හරි Desktop කම්පියුටර් එකක් තියෙනවනම් එකෙනුත් වැඩේ ගොඩ දාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.එක මම මගේ අනෙක් බ්ලොග් එකේ එකියන්නේ http://networkingsl.blogspot.com කියන එකේ දාන්නම්.මීට අමතරව පොඩි පොඩි රෙසිස්ටර් කීපයක් ඕන වේවි .එකනම් ඕන වෙන්නේ කරන වැඩේ හැටියට.ඒවගේ Values මම වෙනම දෙන්නම් .
                     තවත් දෙයක් කියන්න ඕන මේකේ වැඩ කරගෙන යද්දී Network දැනුම , IP address වගේ දේවල් ටිකක් දැනගෙන තියෙන එක වැඩේ හොඳින් කරගෙන යන්න පහසුවක් වේවි .එකටත් ඔයාලට මගේ
Network බ්ලොග් එකෙන් දැනුම ලබාගන්න පුළුවන්.මොනවහරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න .මම උදව් කරන්නම් , දන්නේ නැත්තම් හොයල හරි දෙන්නම් .

IP Addressing (අයිපී  ඇඩ්රස් ගැන )

1. පලවෙනි කොටස 

2.දෙවන කොටස

3.තුන්වන කොටස 

4.හතරවන කොටස 

5.පස්වන කොටස 


Wifi (Wireless) (වයි ෆයි ගැන )
    
1.පලවන කොටස 

                                                               මීට අමතරව ESP 01 ප්‍රෝග්‍රෑම් කරන්න ගන්න සොෆ්ට්වෙයාර් 
සහ ටූල්ස් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් Arduino IDE - Arduino Integrated Development Environment එක. ඔයාලට එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පහත තියෙන ලින්ක් එකෙන්.එක ඉන්ස්ටෝල් කර ගත්තයින් පස්සේ කරන්න දේවල් ටිකක් තියෙනවා ඒටික මම ඊළඟ ලිපියෙන් විස්තර කරන්නම්


ඉතින් වැඩේ පටන් ගන්න අවශ්‍ය මුලික දේවල් සහ අඩිතාලමට අදාල දේවල් සැහෙන ප්‍රමාණයක් කෙටියෙන් මේකේ දාන්න මම උත්සාහ කළා .එත් මොනවා හරි තේරෙන්නේ නැති කොටසක් හෝ මේකට ඇතුලත් වෙන්න ඕන තවත් දේවල් තියෙනවා කියල හිතෙනවා නම් කමෙන්ට් කරන්න .මම ඒවා ඇතුලත් කරන්නම් .
හැමදාමත් කියන දේ , මොනවහරි අඩු පාඩුවක්  වැරැද්දක් තියෙනවනම් එකත් කමෙන්ට කරන්න, එක මගේ ඉදිරි වැඩවලට උදව්වක් වේවි.

එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු !!!.
ජය වේවා !!!.





5 comments:

IOT පිළිබඳව හැඳින්වීම - Introduction to IOT

The Internet Of Things
මම මේ බ්ලොග් එකෙන් කතාකරන්න යන්නේ මේ දවස්වල හැමෝම වගේ කතා කරන IOT - Internet Of Things , ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් ගැන.එත් සාම්ප්‍රදායික ක්‍රමයකට නම් නෙවෙයි.මේක හඳුන්වාදීමේ ලිපියක් උනාට , මම මේකේ ඉතිහාසය පටන්ගත්තේ කොහොමද , කවුද පටන් ගත්තේ කවදද පටන්ගත්තේ කියන දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ .එකෙන් සමහරක් වෙලාවට වෙන්නේ කරන වැඩේ
කම්මැලි වෙන එක.අනෙක් කාරණේ හැමෝම හැම දේම දන්නේ නැහැ එක මටත් පොදුයි.මම කරන්නේ මම දන්නා දේ හැමෝමත් එක්ක බෙදාගන්න උත්සාහ කරන එක.හැම දේක දීම වගේ මම මේක කියවන හැමෝගෙන්ම බලාපොරොත්තු වෙන දේ වැරදි දෙයක් තිබ්බොත් එක පෙන්වල දෙන්න කියන එක.අනෙක හැම තැනදීම තාක්ෂණික වචනවලට සිංහල යෙදුම් දාන්න ගියෝතින් තේරෙන ටිකත් තේරෙන්නේ නැතිවෙන නිසා මම ඒ වචන එහෙම්මම පාවිච්චි කරනවා .දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න මම දන්නා විදිහට පැහැදිලි කරල දෙන්නම් .
                                         
                                           එහෙනම් දැන් වැඩේට බහිමු . IOT වල මුලික අදහස යම්කිසි පද්දතියක් හෝ උපාංගයක (System or Equipment) දත්ත එකතු කිරීම (Data Collection) , තත්ව නිරීක්ෂණය (Monitoring)
සහ පාලනය (Controlling).මේකේ තියෙන පහසුව තමයි IOT Platform පහසුකම් දෙන ආයතන ඒවගේ අවශ්‍යතාවට ගැලපෙන්න මුලික දේවල් හදල තියෙන එක අපිට කරන්න තියෙන්නේ අදාළ උපකරණය සේවාව සපයන IOT Platform එකත් එක්ක සම්භන්ද වෙන්න කරන්න ඕන කොටස කරන එක සහ ඒවගේ උපකරන වලින් ගන්න දත්ත අපට අවශ්‍ය වන විදිහට Dash Board එකකට අරගන්න එක.දැනට IOT පහසුකම් සපයන ආයතන ගොඩක් තියෙනවා එයින් කීපයක් මම පහල දාන්නම් පොඩ්ඩක් ඒවටත් ගිහින් බලන්න.

1. Device Hub -  https://www.devicehub.net/

2. Thing Speak - https://thingspeak.com/

3. Microsoft Azure IOT Hub - https://azure.microsoft.com/en-us/suites/iot-suite/

4.Amazon AWS - https://aws.amazon.com/iot/?nc2=h_m1

5.Arduino Cloud - https://create.arduino.cc/iot/products/cloud/ -මේක නම් තාම  තියෙන්නේ Beata අවධියේ

6.Thinger IO - https://thinger.io/ - මේක ඕපන් සෝස් (Open Source)

මේවගේ වාසි අවාසි නම් තියෙනවා ඉගෙන ගන්න නම් ඉතින් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් .එත් මගේ  අදහස Thinger IO , Device Hub සහ Thing Speak පාවිච්චි කරල ඉගෙන ගන්න පටන් ගන්න එක හොඳයි .Azure IOT Trial එක පාවිච්චි කරන්න පුළුවන් මාසයයි එකටත් Credit Card එකක් හරි Visa Debit Card එකක් හරි ඕන SignUp වෙන්න Amazon AWS එකත් එහෙමයි .
                                                                                                එකත් හරි කියමු දැන් බලන්න ඕන මොනවාද කනෙක්ට් කරන්න යන්නේ කියන එක.එකියන්නේ මොන වගෙන්ද අපී දත්ත - Data ගන්න යන්නේ කොහොමද ගන්න යන්නේ , මොනවාද කරන්න යන්නේ කියන එක. එක අපි හැමෝම දන්නා  Arduino  එකත් එක්කම පටන් ගන්න හිතුව. ඒඋනාට මේක එකෙන් විතරක් කරන්න පුළුවන් කමක් නැහැ එකට Arduino Ehternet Shield එකක් නැත්තම් Wifi Sheild එකක් ඕන වෙනවා මොකද IOT - Internet Of Things කියන එකේම තියෙනවා මේකට ඉන්ටර්නෙට් ඕන කියන එක . ඔය දෙක ගැන දන්නේ නැත්තම් පහල තියෙන රුප වලින් බලල අදහසක් ගන්න.

1.Ethernet Shield(s)

Top View


  මේක Arduino UNO එකත් එක්ක කෙලින්ම ගැලපෙනවා වැඩි විස්තර සඳහා මේ ලින්ක් එක බලන්න  .
ebay.com එකට ගියොත් මේකට වඩා කුඩා ලාභ Mini Ethernet Lan Module ගන්න පුළුවන් හැබැයි එක Arduino එකත් එක්ක සම්බන්ද කරන්න Bread Bord එකක් ඕන වේවි .ඒවගේම එක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් ඒගැන විස්තර බෙදාගන්න කියල මම ඉල්ලනවා,මොකද මම එක පාවිච්චි කරලා නැහැ .පහත රුපය බලන්න 

MiNi ENC28J60 Ethernet LAN Network Module For Arduino SPI AVR PIC LPC
ඔන්න ඔහොම තමයි ඕක ebay එකේ තියෙන්නේ.Wired Network පාවිච්චි කරලා Arduino එක ඉන්ටෙර්නෙට් එකත් එක්ක සම්භන්ද කරන්න තමයි ඒවා අවශ්‍ය.


2.Wifi Shields
  වාසනාවකට හෝ අවාසනාවකට මේකට වයර් ඕන නැහැ මේක වැඩකරන්නේ Wifi එක්ක .පහත රුප බලන්න .වැඩි විස්තර සඳහා මේ ලින්ක් එක බලන්න.
Top View


Bottom View


ඕවට ගණන්අ ඩු අනුකරණ (Compitable) ebay.com එකෙන් හොයාගන්න පුළුවන්. අපේ  වැඩවලට උඩ තියෙන දේවල් දෙක තිබුන නම් හොඳයි තමයි එත් ප්‍රශ්නේ ඒවා ටිකක් ගණන් වැඩියි එක තමයි අපිට තියෙන එකම ප්‍රශ්නේ.එකට විසදුමක් හැටියට ලබම විදිහට වැඩේ ගොඩ දාගන්න තමයි මම මේකෙන් කියල දෙන්න යන්නේ . 
                        හැමෝටම අත් හදා බලන්න පුළුවන් වෙන විදිහට පුංචිම පුංචි  Wifi Module එකක් පාවිච්චි කරලා තමයි වැඩේ පටන් ගන්න යන්නේ එකේ නම තමයි ESP8266 (සහ එකේ varieties).පහත රුපයෙන් පෙන්වලා තියෙන්නේ ඒ එකක  රුපයක්.
                                                              ඉහලින් පෙන්වලා තියෙන්නේ ESP 8266 කියන Wifi මොඩියුල් එකේ එක ආකාරයක් වෙන ESP -01 , මේකේ PCB සයිස් එක ගත්තොත් දිග 24.8 mm සහ පළල 14.3 හිතාගන්න පුළුවන් නේ සයිස් එක.එත් මේකෙන් අපිට සැහෙන්න දෙයක් කරන්න ඒවගේම ඉගෙන ගන්න පුළුවන් අනික මේක ලාබයි.ඒවගේම Arduino එකක් නැතිව උනත් මේකෙන් වැඩගන්න පුළුවන් .ඒවා ගැන වැඩි විස්තර මම ඊළඟ ලිපියෙන් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා. මේවත් එක්ක වැඩකරන්න Networking දැනුම පොඩ්ඩක් අවශ්‍ය වෙනවා ,ඒගැන දැනගන්න ඔයාලට මගේ Networking ගැන සිංහලෙන් පැහැදිලි කරලා තියෙන http://netwokingsl.blogspot.com බ්ලොග් එක පාවිච්චි කරන්න පුළුවන්.
එහෙනම් ඊළඟ ලිපියෙන් හමුවෙමු !. ජය වේවා !!!




8 comments:

Copyright © 2013 Internet Of Things..