ESP 01, NodeMcu , IOT හරහා පාලනය කිරීම - Built In LED Blink

මේ පැත්තට ටික කාලෙකින් මොකුත් ලියන්න බැරි උනා .එත් අද කතා කරන දේ ගොඩක් අයට වැදගත් වේවි කියල හිතනවා.පහලින් පෙන්වල තියන්නේ Device Dash Board එක මෙන්න මේ විදිහට ESP 01 එක thinger.io   IOT Dashboard එකත් එක්ක සම්බන්ද කරන එක තමයි අද මේකෙන් කියල දෙන්න යන්නේ .
මේකම NODEMCU එකටත් පාවිච්චි කරන්න පුළුවන් .

හරි දැන් බලමු මුලින්ම කරන්න ඕන දේ .මුලින්ම කරන්න ඕන https://thinger.io සයිට් එකට ගිහින් පහත විදිහට අකවුන්ට් එකක් හදාගන්න එක .එකට ගිහින් ඔය දකුනු අත පැත්තේ උඩ කෙලවරේ තියෙන නිල්පාට SignUp කියන බටන් එක ක්ලික් කරන්න


ඊළඟට එන පහල ෆෝම් එක පුරවන්න ඔයාලගේ ඊමේල් එක පවිච්චි කරලා .පහලම තියෙන I'm not a robot කියන එකත් වෙරිෆයි කරලා එතන තියන SignUp බටන් එක ක්ලික් කරන්න 


ඊටපස්සේ ඔයාලට අර උඩදී දාපු ඊමේල් එකට පහත විදිහේ ඊමේල් එකක් එවි , එකේ Confirm Your Email කියන බටන් එක ක්ලික් කරන්න .


ඊටපස්සේ ඊමේල් එකවුන්ට් එක වෙරිෆයි වෙලා පහත තියෙන ලොගින් එකට එවි එකට අර ඉහතදී දාපු ඊමේල් එක හරි යුසර් නේම් එක හරි ටයිප් කරලා අර දාපු පාස්වඩ් එකත් ටයිප් කරලා log in කියන බටන් එක ක්ලික් කරන්න .


ඊට පස්සේ මෙන්න මෙහෙම Console Dashboard එකක් ආව නම් වැඩේ හරි .මේකෙදි අපිට නොමිලේ කනෙක්ට් කරන්න දෙන්නේ Device  දෙකයි . එකයි ඔය Device  කියන තැන තියෙන රවුමේ 0/2 කියල තියෙන්නේ .එක අපිට අවුලක් නැහැ මොකද දැන් අපි කනෙක්ට් කරන්නේ එකයි නිසා .

දැන් අර කිව්ව Device කියන රවුම උඩ ක්ලික් කලහම පහත විදිහට දකින්න ලැබේවි .
 එතනින් අර Add Device කියන එක උඩ ක්ලික් කරන්න 

ඊට පස්සේ Add Device කියන ෆෝම් එක ඕපන් වේවි ඔකේ Device ID එකට නමක් දාන්න , ලේසි නමක් දාන එක හොඳයි .ඊටපස්සේ Device Description කියන එකටත් ඔය මොකක් හරි දාන්න තමන්ට කැමති .
ඔය Device Credentials කියන එක තමයි  Device එක කනෙක්ට් වෙද්දී පාවිච්චි වෙන පාස්වඩ් එක එක ඔයාලට ටයිප් කරන්නත් පුළුවන් නැත්තම් Generate Random Credentials කියල යටින් තියෙන බටන් එක ක්ලික් කලහම ඔටෝ එකක් ජෙනරේට් කරගන්නත් පුළුවන්.එක ඔයාලගේ කැමැත්ත මම නම් පාවිච්චි කලේ ඔටෝ ජෙනරේට්.  ඊටපස්සේ Add Device කියන බටන් එක උඩ අන්තිමට ක්ලික් කලහම පහත විදිහට මැසේජ් එකක් එවි  Done ! You can now connect your new Device ! More Info here , or go to the device dashboard!.


දැන් වම් අත පැත්තේ තියෙන පැනල එකෙන් Devices කියන එක උඩ ක්ලික් කලහම පහත විදිහට අපි add කරපු Device එක පෙන්වාවී.


දැන් ඔය device එක උඩ ක්ලික් කලහම පහත විදිහට පෙන්වාවි , තාමත් අපේ ESP 01 එක කනෙක්ට් කරලා නැති නිසා .

හරි දැන් අපිට අර device එකේ නමයි Credential එකයි ඕන වෙන වෙලාව .පහල තියෙන කෝඩ් එක කොපි කරලා ඔයාලගේ Wifi Network එකේ SSID එකයි Key එකයි අර උඩදි මම කිව්ව Device Name එකයි Credentials විදිහට ආපු password එකයි වෙනස් කරල ESP 01 එකට අප්ලෝඩ් කරන්න .
ඊට කලින් Arduino IDE එකේ Sketch -> Include Library -> Manage Libraries  උඩ ක්ලික් කරලා library manager ඕපන් කර ගන්න එකේදී filter your search... කියන තැන thinger.io කියල ටය්ප් කරලා ඒ ලයිබ්රි එක ඉන්ස්ටෝල් කරගන්න.

 හරි ඊටපස්සේ පහත තියෙන Code එක ඔයාලගේ අර මම කිව්ව දේවල් දාල අදාල තැන්වලට කෝඩ් එක එඩිට් කරලා අප්ලෝඩ් කරගන්න .

#include <ESP8266WiFi.h>
#include <ThingerWifi.h>

#define USERNAME "IOTSL"
#define DEVICE_ID "ESP01"
#define DEVICE_CREDENTIAL "XXXXXXXXXXX"

#define SSID "your Wifi SSID"
#define SSID_PASSWORD "Your Wifi Password"

ThingerWifi thing(USERNAME, DEVICE_ID, DEVICE_CREDENTIAL);

void setup() {
  pinMode(1, OUTPUT);

  thing.add_wifi(SSID, SSID_PASSWORD);

  // digital pin control example (i.e. turning on/off a light, a relay, configuring a parameter, etc)
  thing["led"] << digitalPin(1);

  // resource output example (i.e. reading a sensor value)
  thing["millis"] >> outputValue(millis());

}

void loop() {
  thing.handle();
}

හරි එක එහම අප්ලෝඩ් කරලා ESP 01 එක නම් Restart කලහම අපිට පහත විදිහට Device Dashboard එක දකින්න පුළුවන් .


Device Name එක උඩ ක්ලික් කලහම පහත විදිහට දකින්න පුළුවන් .


දැන් එක හරි දැන් අපිට ඕන led එක on/off කරන්න .මේකට මුලින්ම වම් පැනල එකේ තියෙන Dashboards කියන එක උඩ ක්ලික් කරන්න . Add Dashboard එක උඩ ක්ලික් කරන්න



ඊටපස්සේ පහත විස්තර ටික පුරවන්න 


අන්තිමට Add Dashboard බටන් එක ක්ලික් කරන්න .


හරි දැන් එකත් හරි .දැන් පැනල එකේ Dashboards කියන එක ක්ලික් කලහම පහත විදිහට dashboard eka පෙන්වාවි .

Dashboard නම උද ක්ලික් කලහම පහල විදිහට පෙන්වාවි එකේ දකුණු අත පැත්තේ තියෙන ස්විච් එකෙන් dashboard එක on කරගන්න.


ON උනයින් පස්සේ ඔයාලට දකින්න පුළුවන් Add Widget කියන බටන් එකයි Settings කියන බටන් එකයි


ඊටපස්සේ Add Widget උඩ ක්ලික් කරන්න .ඊටපස්සේ එන ෆෝරම් එකෙන්  Select Widget type එකෙන් 
ON/OFF State කියන එක සිලෙක්ට් කරන්න 



ඊටපස්සේ Title , Sub Titile දෙකට කැමති දෙයක් ටයිප් කරලා select Device කියන එකෙන් අපේ Device එක Select Resource කියන එකෙන් LED කියන එකත් සිලෙක්ට් කරලා Save ක්ලික් කරන්න

ඊටපස්සේ පහත විදිහට widget එක add වෙලා තියේවි .දැන් ඔය බටන් එක උඩ ක්ලික් කලහම අපේ Device එකේ LED එක on/off වෙනවනම් වැඩේ හරි .



පහල තියෙන  Video එකෙන් එක බලාගන්න පුළුවන් මේක හරියටම කොහොමද වෙන්නේ කියලා . .පොඩ්ඩක් පැහැදිලි මදි ඇති එත් අදහසක් ගන්න පුළුවන් වෙයි .





 එහෙනම් කරලා බලල ප්‍රශ්න කමෙන්ට් කරන්න .ජයවෙවා!!!






3 comments:

ESP8266 - Wifi Manager භාවිතයෙන් වයි ෆයි පාස්වර්ඩ් ආරක්ෂා කරගැනීම .

සැහෙන කාලෙකින් දෙයක් දෙන්න බැරි උනා.ඒවගේම අර DIY Development Board එකේ වැඩෙත් සැහෙන්න කාලෙකින් බලන්න බැරි උනා.එත් හැමෝටම වැදගත් දෙයක් මේ අතරේදී දෙන්න ඕන කියල හිතුන එක නිසා තමයි මේ වගේ දෙයක් ලියන්න හිතුවේ .
                                                                                       හරි දැන් අපිට ESP8266 මොඩියුල් එක්ක     වැඩකරද්දී  තියෙන ලොකුම ප්‍රශ්නයක් විදිහට දකින්න පුළුවන් දේ තමයි වයි ෆයි වලට කනෙක්ට් කරන
වයි ෆයි නෙට්වර්ක් එකේ තියෙන SSID (නෙට්වර්ක් එකේ නම ) සහ පාස්වර්ඩ් අපි ගොඩක් වෙලාවට Hardcode කරනවා එකියන්නේ ඒ කෝඩ්අ ඇතුලේ ටයිප් කරලා තමයි අපි කෝඩ් එක තියාගන්නේ සේව් කරන්නේ ඉතින් කාටහරි ඒ කෝඩ් එක බලාගත්තොත් අපේ නෙට්වර්ක් එකෙට කනෙක්ට් වෙන්න පුළුවන් .
එක  IT Term එකකින් කියනවනම් Security Risk එකියන්නේ අවදානම් තත්වයක්.
                                                 ඉතින් එ ප්‍රශ්නේ සැහෙන දුරකට නැති කරන්න තමයි මේ Wifi Manager කියන Library එක පාවිච්චි කරන්නේ .ඉතින් මේක අපිට ලේසියෙන් ඇඩ් කරගන්න පුළුවන් Arduino IDE එකට කරන්න තියෙන්නේ Arduino IDE එක ඕපන් කරලා එකේ Sketches -> Include Library -> Manage Libraries කියන තැනට ගිහින් එකේ සර්ච් බොක්ස් එක ඇතුලේ Wifi Manager කියල ටයිප් කරන එක .ඊටපස්සේ කරන්න තියෙන්නේ ඉන්ස්ටෝල් කරගන්න එක පහල තියෙන Install කියන බටන් එක ක්ලික් කරලා .මෙගේ එකේ නම් ඒ බටන් එක නැහැ මොකද මම ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා. පහත රුපය බලන්න.

හරි දැන් මේක ඉන්ස්ටෝල් කරගත්තායින් පස්සේ අපිට පුළුවන් Files -> Examples ->WifiManager
ගිහින් OnDemandConfigPortal සාම්පල් කෝඩ්  එක ඕපන් කරගෙන එක NodeMcu , ESP 01 ඕනෑම මොඩියුල් එකකට Upload කරන්න.


එක අප්ලෝඩ් කලායින් පස්සේ Arduino IDE එකේ Serial Monitor එක ඕපන් කරන්න එතකොට බලාගන්න පුළුවන් වෙබ් සර්වර් අයිපී එක. ඇත්තටම මේක ස්ටාර්ට් වෙන්නේ AP මෝඩ් එකෙන් එකියන්නේ Acess Point එකක් විදිහට.සාමාන්යෙන් Default IP එක වෙන්නේ 192.168.4.1 .පහත රුපය බලන්න .


ඔක්කොම හරි නම් දැන් ඔයාගේ වයි ෆයි කනෙක්ෂන් එකට අමතරව අලුත් ඇක්සස් පොයින්ට් එකක් පෙන්වාවි පහත විදිහට .දැන් කරන්න කියෙන්නේ එක උඩ ක්ලික් කරලා connect වෙන එක .ඕකට password ඕන වෙන්නේ නැහැ open network එකක් නිසා .එහෙම කනෙක්ට් උනයින් පස්සේ . වෙබ් බර්ව්සර් එක ඕපන් කරලා අර serial monitor එකේ තියෙන ip එක ටයිප් කරල එන්ටර් කලහම පහත තියෙන විදිහේ වෙබ්පේජ් එකක් ඕපන් වේවි .

ඔකේ Configure  Wifi ක්ලික් කලහම පහත විදිහට පෙන්වාවි .

ඔකේ උඩම පෙන්වල තියෙන්නේ මගේ Wifi කනෙක්ෂන් එක එකියන්නේ තව කීපයක් නෙට්වර්ක් තිබ්බොත් සිග්නල් ස්ට්‍රෙන්ග්ත් එකත් එක්ක ලිස්ට් එකක් පෙන්වාවි දැනට මගේ එක විතරක් තියෙන නිසා එකයි පෙන්වන්නේ හරි දැන් කරන්න තියෙන්නේ ඔයාගේ වයිෆයි එකේ ස්සීඩ් එකයි password එකයි ඔතනට දාල Save කරන එක .

හරි දැන් මේක ක්ලෝස් කලයින් පස්සේ මොඩියුල් එක ඔයාගේ ඔරිජිනල් වයිෆයි නෙට්වර්ක් එකට කනෙක්ට් වේවි.මීට අමතරව පලවෙනි ස්ක්‍රීන් එකේ තියෙන info කියන බටන් එක ක්ලික් කලහම ESP මොඩියුල් එකේ විස්තර බලාගන්න පුළුවන් පහත විදිහට .
දැන් තියෙන ප්‍රශ්නේ මේක කොහොමද පාවිච්චි කරන්නේ කියන එක .මේකෙදි සිද්ධ වෙන්නේ මේකයි .මේ කෝඩ් එකෙන් ESP8266 මොඩියුල් එක Soft AP විදිහට ඔන් කරන එක එතකොට අපි එකට කනෙක්ට් වෙලා එකට ලොග් වෙලා වයි ෆයි SSID , Password දාල  Save කලායින් පස්සේ මොඩියුල් එකේ මෝඩ් එක වෙනස්වෙලා Staiton /Standalone Mode එකට මාරු වෙනවා .ඊටපස්සේ ඒක වයි ෆයි නෙට්වර්ක් එකට කනෙක්ට් වෙනවා .එක නිසා අපිට වයිෆයි SSID , Password කෝඩ් එකේ සේව් කරලා තියන්න ඕන නැහැ .

මේ කෝඩ් එකේම අන්තිමට තියෙන // put your main code here, to run repeatedly: තැනට ඔයාලට වෙන්න ඕන දේ කෝඩ් කරලා දැම්මහම මේකත් එක්ක වැඩකරගෙන යන්න පුළුවන්. එකත් එක්ක සාම්පල් එකක් ඊළඟ ලිපියේ දාන්නම් . දැනට මේකෙන් සෙල්ලම් කරලා බලන්න .

එහෙනම් මීළඟ ලිපියෙන් අයෙත් හමුවෙමු .ජය වේවා !!!.


1 comments:

Copyright © 2013 Internet Of Things..